අද මා පළකරනුයේ මාගේ පරිකල්පනයක් නොවන අතර එය මා විසින් අසන ලද කතාවකි.
එක්තරා තරුණයකු හට දැඩි ලෙස ඉක්මන් කේන්ති යාමේ පුරුද්දක් තිබුණි. මෙනිසා පවුලේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් , කලකිරීම් , මෙන්ම ශාරීරික පීඩා ද ඇති විය. මෙය පවුලේ ජීවත් වන සහ නිවස තුළ ඇති අජීවි භාණ්ඩ වලට ද එකසේම විය. පවුලේ ප්‍රධානී පියාණන් හට ඔහුගේ වැටුප යම් අවස්ථා වලදී මදි වූයේ , තරුණයා කේන්ති ගිය විට කුඩු පට්ටම් කරන සියල්ල නැවතත් මිළට ගැනීමට සිදුවීම නිසාය.
තරුණයා මදක් මුහුකුරා යත්ම ඔහුට තමාගේ මේ කේන්තිය ඇත්තටම තමාට මෙන්ම තමාගේ ආදරණීයන්ටද මහත් ලෙස රිදවන බව පසක් වී , තම පියාණන් හමුවේ මෙසේ පැවසීය.
“තාත්තේ , මම දන්නව මට ගොඩක් කේන්ති යනව. මට වෙලාවකටම මේ නිසා මං ගැනම තරහයි! මට මේ තරහ නැති කරගන්න ඕන. මට හොඳ කෙනෙක් වෙන්න ඕනි. තාත්ත මට උදව් කරනව නේද?“
තරුණයාගේ පියා ඔහුට සාවධානව කන් දී , මදක් කල්පනා කොට මෙසේ පිළිතුරු දුන්නේය.
“හරි ! මට තේරෙනවා. මගෙ පුතාට දැන් වරද වැටහෙන බව. මම බය වුනේ මගෙ පුතාට මේක තේරෙන්නේ නැති වෙයි කියල. පුතේ ඔයා මම කියන දේ කරන්න ලෑස්තිද? හැබැයි මේක ටිකක් අමාරුයි“
තම පියාගේ සන්සුන් පිළිතුරෙන් විස්මයට පත් තරුණයා ....
“කියන්න තාත්තෙ ඕන දෙයක් . මම පොරොන්දු වෙනව මම කොහොම හරි ඒක කරන බව...“
“හොඳ පුතා! දැන් මට වඩු මඩුවකට ගිහින් අඩි 2*2 හොඳට මැදපු ලෑල්ලක් අරගෙන එන්න. එනකොට කඩෙන් අඟලේ ඇණ කිලෝවකුත් අරගෙන එන්න“
විස්මයෙන් විස්මයට පත් තරුණයා ,තම පියාණන්ගේ සැලසුම කුමක්දැයි දැනගැනීමේ කුතුහලයෙන් වහාම තම පා පැදිය ගෙන වඩු මඩුවකට ගොස් අදාළ ලෑල්ලද , ඇණ ද රැගෙන එන ලදී. තරුණයා ගෙන ආ ලෑල්ල පියා විසින් තරුණයාගේ කාමරයෙහි එල්ලා තරුණයා අතට මිටිය ලබා දුන්නේය.
“පුතා! මෙන්න මේකයි කොන්දේසිය. මීට පස්සේ පුතාට කේන්ති යන හැම වේලාවකම , කාටවත් හිරිහැරයක් බැනුමක් නොකර මේ ලෑල්ලෙ එක ඇණයක් ගහන්න ඕනා! හැබැයි පුතා කාට හරි බැන්නොත් බණින පාරක් ගානෙත් ඇණය බැගින් ගහන්න ඕනා! අද ඉඳන් ගෙදර අය ඔයාට මුකුත් කියන එකක් නැහැ. එයාලා ඔයා වෙනුවෙන් මේ ටික කාලය ඉවසාවි. හැබැයි පුතා මේ ලෑල්ලෙ ඇණ ගහන්න ඉඩ නැති වෙන කොට මට කියන්න ඕනා! පුතාට පුලුවනිද මේ දේ කරන්න?“
මේ මොන විකාරයක් දැයි සිතූ තරුණයා , කෙසේ වුවත් තමා පොරොන්දුවක් වූ බව පසක් වී මෙයට කැමැත්ත පළ කළේය. දැන් තරුණා තමා හට කේන්තියක් ආ ක්ෂණයෙන් මුවින් නොබැන සන්සුන් වී ලෑල්ලට ඇණය බැගින් ගසයි.මසක පමණ ඇවෑමෙන් බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන් හිස පහතට නවාගෙන පියා අසළට පැමිණි තරුණයා ඇණ වලින් පිරුණු ලෑල්ල පියා වෙත දිගු කළේය.
“තාත්තේ! මාසයක් යන්නත් කලින් ම මේ ලෑල්ල ඇණ වලින් පිරුණ. දැන් මම මොකක්ද කරන්න ඕනි! මට ගොඩක් කේන්ති යනව නේද තාත්තේ? “
තම පුතුගේ මානසිකත්වය තේරුම් ගත් පියා , පුතුගේ උරහිසට අතතබා බිමට නැමුණු පුතුගේ හිස අනික් අතින් එසැවීය.
“හරි මගෙ පුතේ! මම ඒක දන්නව! දැන් මගෙ පුතා උත්සහ ගන්න කේන්ති නොගෙන ඉන්න. කේන්ති ගියත් ඉක්මනට කේන්තිය නිවා ගන්න. එහෙම කරන්න පුලුවන් වුන හැම වෙලාවකම මේ ලෑල්ලෙන් එක ඇණය ගානේ ගලවන්න! මම හිතනව මගෙ පුතාට ඉක්මනටම ලෑල්ලේ තියෙන ඇණ ගලවන්න පුලුවන් වෙයි කියල.“
පියාණන්ගේ වදනින් අමුතු ජීවයක් ලද තරුණයා , නැවත ලෑල්ල කාමරයෙහි එල්ලා තම කේන්තිය පාලනය කිරීමට අදිටන් කරගන්නා ලදී. සිවු මසක් පමණ ඇවෑමෙන් තරුණයා මහත් උද්දාමයෙන් තම පියාණන් වෙත කිසිදු ඇණයක් රහිත ලෑල්ල ඉදිරිපත් කරන ලදී.
සිය දෙනෙත් වලින් කඳුළු පිස දමමින් තමා සිටි අසුනෙන් නැගිටි පියාණෝ තම පුතුගේ හිස ආදරයෙන් සිම්බේය.
“මගේ පුතා! මට අද ගොඩක් ආඩම්බරයි! මගෙ පුතා ගොඩක් හොද කෙනෙක් වෙලා..“
“ඔව් තාත්තේ! මට දැන් කේන්ති යන්නේම නැති තරම්. මට දැන් ගොඩක් හොඳට පාඩම් කරන්නත් පුලුවන්! මට දැන් ගොඩක් යාළුවොත් ඉන්නව!“
“පුතා ! මම මේ කරපු දෙයින් පුතාට වැටහිච්චි දෙයක් තියෙනවද? “
“ඔව් තාත්තේ ! මට තේරුණ මට කොච්චර කේන්ති යනවද කියල..“
“නෑ පුතා! මේකෙ එයිට වඩා ගැඹුරු දෙයක් තියෙනව.............“
ඔයා ගෙනාපු මැදපු ලෑල්ල හරියට මිනිහෙක්ගෙ හිතක් වගේ! ඔයාගෙ බැනුම් ඇණ වගේ වැදිල ඒක තුවාල වෙනව. ගියපු වචනයක් ආයෙත් හරවන්න බැහැනේ පුතා! ඔයා ඒක තේරුම් අරගෙන කොහොම හොඳ කළත් ඒ හිත ඇණ ගැලවුණු ලෑල්ල වගේ. ගොඩක් තුවාල වෙලා! එහෙම හිතක් හැදෙන්න ගොඩක් කල් යනව...........

© යථාර්ථවාදියා
කතාවනම් සම්පූර්න අැත්ත. ෙම් ව ගේ අාදර්ශමත් කතා ලියන අය ෙගාඩක් අද අඩුයි.
ReplyDelete