May 5, 2016

දරු ප්‍රසූතියෙන් පසු?



යුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳවයි! මාගේ බ්ලොගයේ දිගු නිහැඬියාවකින් පසු නැවතත් ඔබ වෙත කරුණු දැක්වීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි.


පළමුවෙන් ම මා සකච්ඡා කිරීමට යනුයේ ඔබ දරුවා ප්‍රසූත කළ ආකාරය අනුව ඔබට සිදුවන වෙනස්කම් සහ ඒවාට මුහුණ දෙන අාකාරය වේ.

ස්වභාවික යෝනි මාර්ගික දරු උප්පත්තිය



ස්වභාවික දරු උපතකදී ඔබගේ ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල අෑත් වීමකට ලක් වී යෝනි මාර්ගය දිගේ දරුවාගේ හිස කොටස එළියට පැමිණේ. එහිදී යෝනියද ඇදීමකට ලක්වී කෙමෙන් දරුවාගේ හිස පිටස්තර පරිසරයට පැමිණේ. ඇතැම් විට යෝනි විවරයෙහි ඉඩ ප්‍රමාණය වැඩි කිරීමට වෛද්‍යවරයා යෝනියත් ගුද මාර්යත් අතර ඇති පෙදෙසට කැපුමක් යොදනු ලැබේ.



  • මෙවන් කැපුමක් සිදු කළහොත් එය සුව වන තුරු යෝනිය සහ තුවාලය ආශ්‍රිත පෙදෙස හැකි තරම් වියලිව සහ පිරිසිදුව තබා ගත යුතුය 
  • දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ සහ තවත් ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ 
  • ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීමට නැවත යතා තත්වයට පත් වීමට යම් කිසි කාලයක් වැය වේ. දෙවනුවට ඔබට ඔබගේ යෝනියේ පළමු ප්‍රසූතයට පෙර තිබූ තද ගතිය නැති බව හැඟෙනු ඇත. ඒ සඳහා ඔබ මාගේ පෙර ලිපි වල සඳහන් කීගල් ව්‍යායාම පද්ධතිය කිරීම ඔබගේ යෝනි බිත්ති යතා තත්වයට පත්කිරීමට මහත් පිටිවහලක් වනු ඇත. 




වෛද්‍ය සහය ආධාරයෙන් / තෝරාගත් දරු උපත් ක්‍රමවේද / සිසේරියන් සැත්කම

සිසේරියන් සැත්කම කිරීමේදී ඔබගේ යටිබඩ ප්‍රදේශයෙන් කැපුමක් සිදුකර විවෘත කොට ගර්භාෂයේද කැපුමක් යොදා දරුවා බිහිකරනු ලැබේ. මෙහිදි ස්වාභාවික දරු උපතක මෙන් සංකුලතා සිදුවීම අවම වන අතර ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීම සිදුවන්නේ නැත.
  • මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ නම් මෙම සිදුකරන කැපුම සහ එම තුවාලය පිරිසිදුව සහ වියළිව තබා ගැනීමයි. 
  • සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා , සිසේරියන් සැතකමෙන් පසු යෝනිය හරහා ලේ සහ ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ. 
  • වෛද්‍යවරුන් විසින් වේදනා නාශක සහ ඇන්ටිබයොටික් ඖෂධ ලබා දෙන අතර ඒවා නිවැරදි වේලාවට නිවැරදි මාත්‍රාවට ලබාගත යුතුය 



කෙසේ වෙතත් අලුත දරුවකු බිහි කළ මවුවරුනට ඇති ප්‍රධානම ගැටළුව නම් දරුවාට කිරි දීමයි. මෙය මුලින් වේදනාකාරී අත්දැකිමක් වීමට වැඩි ප්‍රවණතාවක් ඇත. මක් නිසාද යත් තනපුඩු තවමත් කිරි දීමට හුරුවී නොමැති වීමත් එනිසාම එය ඉදිමීමට සහ පැසවීමට ඉඩ ඇති නිසාය. මේ සඳහා ඔබට ඔලිව් තෙල් තනපුඩු වල ආලේප කිරීමෙන් යම් සහනයක් ගත හැකිය.

ව්‍යායාම කිරීම



ඔබ දරුවා බිහිකරන තුරු ඔහුගේ/ඇයගේ බර දරාගෙන සිටීම උදෙසා ඔබගේ ඉරියව්ව ස්වභාවිකම වෙනස් වේ. එසේම ඔබගේ උදර මාංශපේශීන් ඉතා ඇදීමටක ලක් වේ. එවිට එම මාංශපේශීන් දුර්වල වේ. විශේෂයෙන්ම පිට කොන්ද ආශ්‍රිත මාංශපේශින් සහ උදර මාංශපේශීන් මෙලෙස දුර්වල වේ.ව්‍යායාම වලින් තොරව මෙම මාංශපේශින් නැවත යතා තත්වයට පත් කළ නොහැක. ඇතැම් විට ඔබගේ උදරයේ තිබූ ඇදුනු සලකුණු (Stretch marks) නැති නොවනු ඇත.


සාමාන්‍ය දරු උප්පතියකින් සති 6 කට පසු සුළු ව්‍යායාම වලින් පටන් ගෙන එය වර්ධනය කරගත හැකිය. එහෙත් සිසේරියන් සැත්කමකින් පසු අවම වශයෙන් මාස 3ක් වත් සිටිය යුතු වේ. මක්නිසාද යත් කැපුමකට ලක් වූ සියලු මාංශපේශීන් නැවත යතා තත්වයට පත්වීමට එතරම්ම කාලයක් යන බැවිනි. මෙම ව්‍යායාම කිරීම සඳහා සුදුසු උපදෙස් වෛද්‍යවරයාගෙන් ලබාගත හැකි අතර ලංකාව තුළ මෙම ව්‍යයාම සිදුකිරීම සඳහා ආයතන සුළු ප්‍රමාණයක් පවතී. මා ඔබට නිර්දේශ කිරන්නේ ශ්‍රී ලංකා ජිට් කුන් ඩෝ පාසැල මගින් පවත්වන පසු ප්‍රසූති සහ කාන්තා ව්‍යායාම වැඩසටහන සඳහා සහභාගී වන ලෙසයි.

නැවත ලිංගික එක්වීම



දරු ප්‍රසූතියෙන් මාස 03 පමණ පසු ඔබට ලිංගිකව එක්වීමට පුළුවන. එහෙත් කිරි දෙන අවධියේදී ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය පහළ යෑම නිසා ලිංගික ආශාව පහත වැටීමත් , යෝනි මාර්ගය වියළි බව ඇති වීමත් නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී විය හැකිය. එබැවින් ලිංගිකව එක්වන්නේ නම් ලිහිසි ද්‍රාවණයක් බාවිත කරන්නේ නම් යෝග්‍ය වේ. කෙසේ වෙතත් මේ අවධියේදි නැවතත් ඔසප් වීම ඇතිවිය හැකිවාක් මෙන්ම එය අක්‍රමවත් වීමේ සම්භාවිතාවක්ද පවතියි. තවද ඔබ නැවත ගැබ් ගැනීමේ සම්බාවිතාවක්ද පවතී. එබැවින් වෛද්‍ය නියමය මත උපත් පාලන ක්‍රම බාවිතා කරන්න. ඔබට දරුවකු සෑදීමට අවශ්‍ය නම් අවම වශයෙන් පෙර දරුවාට වසරක් වන තුරු වත් පවුල සැලසුම් කරන්න


එසේම ඔබට ලිංගිකව එක්වීම වේදනාකාරී නම් ඔබගේ සහකරු සමග සාකච්ඡා කොට සම්මුතියකට පැමිණෙන්න. ඔහුගේ ආශාවන්/ අවශ්‍යතාවන් ඉවත දමන්න එපා! ලිංගිකව එක් වන වා සේම වෙනත් ආකාර වලින් ඔබගේ සහකරු සැනසිය හැකිය.


ඔබට සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා!෴