May 5, 2016

දරු ප්‍රසූතියෙන් පසු?



යුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳවයි! මාගේ බ්ලොගයේ දිගු නිහැඬියාවකින් පසු නැවතත් ඔබ වෙත කරුණු දැක්වීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි.


පළමුවෙන් ම මා සකච්ඡා කිරීමට යනුයේ ඔබ දරුවා ප්‍රසූත කළ ආකාරය අනුව ඔබට සිදුවන වෙනස්කම් සහ ඒවාට මුහුණ දෙන අාකාරය වේ.

ස්වභාවික යෝනි මාර්ගික දරු උප්පත්තිය



ස්වභාවික දරු උපතකදී ඔබගේ ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල අෑත් වීමකට ලක් වී යෝනි මාර්ගය දිගේ දරුවාගේ හිස කොටස එළියට පැමිණේ. එහිදී යෝනියද ඇදීමකට ලක්වී කෙමෙන් දරුවාගේ හිස පිටස්තර පරිසරයට පැමිණේ. ඇතැම් විට යෝනි විවරයෙහි ඉඩ ප්‍රමාණය වැඩි කිරීමට වෛද්‍යවරයා යෝනියත් ගුද මාර්යත් අතර ඇති පෙදෙසට කැපුමක් යොදනු ලැබේ.



  • මෙවන් කැපුමක් සිදු කළහොත් එය සුව වන තුරු යෝනිය සහ තුවාලය ආශ්‍රිත පෙදෙස හැකි තරම් වියලිව සහ පිරිසිදුව තබා ගත යුතුය 
  • දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ සහ තවත් ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ 
  • ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීමට නැවත යතා තත්වයට පත් වීමට යම් කිසි කාලයක් වැය වේ. දෙවනුවට ඔබට ඔබගේ යෝනියේ පළමු ප්‍රසූතයට පෙර තිබූ තද ගතිය නැති බව හැඟෙනු ඇත. ඒ සඳහා ඔබ මාගේ පෙර ලිපි වල සඳහන් කීගල් ව්‍යායාම පද්ධතිය කිරීම ඔබගේ යෝනි බිත්ති යතා තත්වයට පත්කිරීමට මහත් පිටිවහලක් වනු ඇත. 




වෛද්‍ය සහය ආධාරයෙන් / තෝරාගත් දරු උපත් ක්‍රමවේද / සිසේරියන් සැත්කම

සිසේරියන් සැත්කම කිරීමේදී ඔබගේ යටිබඩ ප්‍රදේශයෙන් කැපුමක් සිදුකර විවෘත කොට ගර්භාෂයේද කැපුමක් යොදා දරුවා බිහිකරනු ලැබේ. මෙහිදි ස්වාභාවික දරු උපතක මෙන් සංකුලතා සිදුවීම අවම වන අතර ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීම සිදුවන්නේ නැත.
  • මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ නම් මෙම සිදුකරන කැපුම සහ එම තුවාලය පිරිසිදුව සහ වියළිව තබා ගැනීමයි. 
  • සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා , සිසේරියන් සැතකමෙන් පසු යෝනිය හරහා ලේ සහ ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ. 
  • වෛද්‍යවරුන් විසින් වේදනා නාශක සහ ඇන්ටිබයොටික් ඖෂධ ලබා දෙන අතර ඒවා නිවැරදි වේලාවට නිවැරදි මාත්‍රාවට ලබාගත යුතුය 



කෙසේ වෙතත් අලුත දරුවකු බිහි කළ මවුවරුනට ඇති ප්‍රධානම ගැටළුව නම් දරුවාට කිරි දීමයි. මෙය මුලින් වේදනාකාරී අත්දැකිමක් වීමට වැඩි ප්‍රවණතාවක් ඇත. මක් නිසාද යත් තනපුඩු තවමත් කිරි දීමට හුරුවී නොමැති වීමත් එනිසාම එය ඉදිමීමට සහ පැසවීමට ඉඩ ඇති නිසාය. මේ සඳහා ඔබට ඔලිව් තෙල් තනපුඩු වල ආලේප කිරීමෙන් යම් සහනයක් ගත හැකිය.

ව්‍යායාම කිරීම



ඔබ දරුවා බිහිකරන තුරු ඔහුගේ/ඇයගේ බර දරාගෙන සිටීම උදෙසා ඔබගේ ඉරියව්ව ස්වභාවිකම වෙනස් වේ. එසේම ඔබගේ උදර මාංශපේශීන් ඉතා ඇදීමටක ලක් වේ. එවිට එම මාංශපේශීන් දුර්වල වේ. විශේෂයෙන්ම පිට කොන්ද ආශ්‍රිත මාංශපේශින් සහ උදර මාංශපේශීන් මෙලෙස දුර්වල වේ.ව්‍යායාම වලින් තොරව මෙම මාංශපේශින් නැවත යතා තත්වයට පත් කළ නොහැක. ඇතැම් විට ඔබගේ උදරයේ තිබූ ඇදුනු සලකුණු (Stretch marks) නැති නොවනු ඇත.


සාමාන්‍ය දරු උප්පතියකින් සති 6 කට පසු සුළු ව්‍යායාම වලින් පටන් ගෙන එය වර්ධනය කරගත හැකිය. එහෙත් සිසේරියන් සැත්කමකින් පසු අවම වශයෙන් මාස 3ක් වත් සිටිය යුතු වේ. මක්නිසාද යත් කැපුමකට ලක් වූ සියලු මාංශපේශීන් නැවත යතා තත්වයට පත්වීමට එතරම්ම කාලයක් යන බැවිනි. මෙම ව්‍යායාම කිරීම සඳහා සුදුසු උපදෙස් වෛද්‍යවරයාගෙන් ලබාගත හැකි අතර ලංකාව තුළ මෙම ව්‍යයාම සිදුකිරීම සඳහා ආයතන සුළු ප්‍රමාණයක් පවතී. මා ඔබට නිර්දේශ කිරන්නේ ශ්‍රී ලංකා ජිට් කුන් ඩෝ පාසැල මගින් පවත්වන පසු ප්‍රසූති සහ කාන්තා ව්‍යායාම වැඩසටහන සඳහා සහභාගී වන ලෙසයි.

නැවත ලිංගික එක්වීම



දරු ප්‍රසූතියෙන් මාස 03 පමණ පසු ඔබට ලිංගිකව එක්වීමට පුළුවන. එහෙත් කිරි දෙන අවධියේදී ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය පහළ යෑම නිසා ලිංගික ආශාව පහත වැටීමත් , යෝනි මාර්ගය වියළි බව ඇති වීමත් නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී විය හැකිය. එබැවින් ලිංගිකව එක්වන්නේ නම් ලිහිසි ද්‍රාවණයක් බාවිත කරන්නේ නම් යෝග්‍ය වේ. කෙසේ වෙතත් මේ අවධියේදි නැවතත් ඔසප් වීම ඇතිවිය හැකිවාක් මෙන්ම එය අක්‍රමවත් වීමේ සම්භාවිතාවක්ද පවතියි. තවද ඔබ නැවත ගැබ් ගැනීමේ සම්බාවිතාවක්ද පවතී. එබැවින් වෛද්‍ය නියමය මත උපත් පාලන ක්‍රම බාවිතා කරන්න. ඔබට දරුවකු සෑදීමට අවශ්‍ය නම් අවම වශයෙන් පෙර දරුවාට වසරක් වන තුරු වත් පවුල සැලසුම් කරන්න


එසේම ඔබට ලිංගිකව එක්වීම වේදනාකාරී නම් ඔබගේ සහකරු සමග සාකච්ඡා කොට සම්මුතියකට පැමිණෙන්න. ඔහුගේ ආශාවන්/ අවශ්‍යතාවන් ඉවත දමන්න එපා! ලිංගිකව එක් වන වා සේම වෙනත් ආකාර වලින් ඔබගේ සහකරු සැනසිය හැකිය.


ඔබට සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා!෴

Feb 4, 2015

අපයෝජනයට, හිංසනයට හා දූෂණයට එරෙහිව නැගී සිටිමු






වර්තමානයේදී ලෝකයේ සෑම මිනිත්තු දහයකට(10) ට වරක්ම කිසිදු වයස් බේදයක් හෝ ලිංග බේදයක් නොමැතිව අයකු අපයෝජනයට , හිංසනයට හෝ දූෂණයට ලක් වේ. දහමෙන් ඈත් වූ ජීවිත නිසා බොහෝ දෙනෙකු අනෙකෙකුගේ ජීවිතය හෝගෞරවය පිළිබඳව අබ මල් රේණුවක තරම් වත් තැකීමක් නැති බව පෙනී යයි. විශේෂයෙන් ම මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදුවන්නේ කාන්තාවන්ට සහ කුඩා ළමුන්ට වීම මෙහි ඇති ශෝකාන්තයයි. ඇතැම් රට වල පිරිමින් පවා සමූහ දූෂණයට ලක්වන අවස්ථා අපට අසන්නට ලැබේ.


අප මෙම ලිපියෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ කාන්තාවන් වෙතයි. අප සමාජයේ කාන්තාවන් බොහෝ විට මෙවන් සිදුවීම් නිසා අසරණ තත්වයට පත්වෙති. අප විශේෂයෙන්ම අපගේ අවධානය යොමු කළ යුත්තේ මෙහි ඇති හේතුව වෙතයි. ඇතැම් විට පිරිමින් මෙන්ම ගැහැණුන් ද පවසන දෙයක් වනුයේ ඇතැම් කාන්තාවකට යම් අතවරයක් හෝ අපයෝජනයක් විණි නම් ඒ ඇයගේ ඇඳුමෙහි ඇති වරදක් නිසා හෝ ඇය හැඩකාර පියකරු ළඳක් වීමයි. අපි මුලින්ම කාන්තාවන්ට මගතොටේදී සිදුවන අපයෝජන හිංසන සහ දූෂණය පිළිබඳව කතා කරමු.




ඇත්තෙන්ම නාරි ලාලිත්‍යය යනු ඉතිහාසයේ පටන් ම පිරිමින්ගේ මන පිනවූ මහා සාධකයක් විය. අතීතයේ රජවරු පවා අන්තඃපුර තබාගෙන සිටියේ තමාගේ මනදොළ මෙන්ම ගතදෙළද පිනවා ගැනීමටය. නමුත් වර්තමානයේදී පෙරදිග රටවල් වල කාන්තාවන් අපරදිග චින්තන රටා සමග හුරුවී , එවැනි ඇඳුම් භාවිතයට හුරු වී සිටිති. එය වරදක් නොවේ.විශේෂයෙන්ම ගතහොත් 2012 ඉන්දියාවේ දිල්ලි අගනුවර වෛද්‍ය ශිෂ්‍යාවක්(මෙම ඡායාරුවෙහි සිටන) හය දෙනකු විසින් සාහසික ලෙස දූෂණය කර මරා දැමුයේ , ඇය ඉන්දීය පන්ජාබි ක්‍රමයට සැරසී සිටි නිසාද? ඇය රූප ස්වභාවයෙන් පියකරු දැරිවියක වූ නිසාද? මසැසින් නොව මනැසින් සිතන්න කාන්තාවක් තම අඟපසඟ පෙනෙන අයුරින් (කවරයේ රූපය මෙන්) හෝ තම ශරීරයේ හැඩය කැපී පෙනෙන අයුරින් හැඳ පැළඳීම ඇයට ලිංගික අතවරයක් හෝ අපයෝජනයක් කිරීමට අනුබල දීමක් නොවේ. පිරිමින්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය අනුව ඇය දෙස බැලීමට සිතීම හා ඇයට ආකර්ශනය වීම ස්වභාවික වේ. ඇතැම් විට එය ඇයගේ අරමුණක් වීමටද පුළුවන. මන්ද බොහෝ පිරිමින් තමා දෙස බලනවාට ම එවැනි ඇඳුම් අඳින්නියෝද නොසිටින්නෝද නොවේ! කෙසේ වෙතත් මග තොටේ දී කාන්තාවන් හට පිරිමින්ගෙන් එල්ල වන හිංසනයද සුළුපටු නොවන බවද වටහා ගත යුතුය. නමුත් මෙය මෙසේම යැයි කියා තියුණු රේඛාවකින් වෙන් කළ හැකි මාතෘකාවක්ද නොවේ. ඇතැම් පිරිමින් සිය වුවමනාවෙන්ම කාන්තාවන්ගේ පියැයුරු වල තට්ටම් වල සිය ශරීරය ස්පර්ශ වන පරිදි හැසිරෙයි. ඇතැම් විට සෙනග පිරුණ බස් රථ වල සිටගෙන යාමේදී , මෙසේ ශරීර ගැටීම් වැලැක්විමට නොහැකි වනු ඇත. මෙවැනි බොහෝ අවස්ථා වලින් , පළ නෙලා ගන්නා පිරිස් , දෙපාර්ශවයෙන්ම නැත්තේද නොවේ. මෙහිදි කාන්තාවක අපයෝජනයට හෝ දූෂණයට හෝ හිංසනයට ලක්වීමක් අර්ථකතනය කරන්නේ කෙසේද? කාන්තාවකගේ ශරීරයෙහි නොගැටී සිටීමට හැකි වාතාවරණයක , සිතාමතා ඇයගේ ශරීරයෙහි ස්පර්ශ වීමට උත්සහ කිරීම . ඇයගේ පසුපසින් ඇය යන සෑම තැනකම පිටුපසින් යෑම/යෑමට උත්සහ කිරීම. ඇයට අයුතු ලිංගික යෝජනා ගෙන ඒම ආදිය උදාහරණ ලෙස දැක්විය හැකිය. මතක තබාගන්න මෙලෙස කාන්තාවන් වෙත අයුතු අයුරින ළං වීමට උත්සහ කරන අය ළඟ සෑම විටම දීමට පිළිතුරක් ළඟ ඇති බව.


එසේ නම් මෙවන් අවස්ථාවලට කාන්තාවන්/පුරුෂයන් මුහුණ දීමට සිදුවන්නේ ඇයි? සහ/හෝ එසේ සිදුවූ පසු ඔවුනට මානසිකව සහ කායිකව සිදුවන්නේ කුමක්දැයි මීළඟට සාකච්ඡා කරමු. මෙවැනි තත්ව වලට ඉලක්ක වන/මුහුණ දෙන බොහෝ කාන්තාවන්/පුරුෂයන් අඩු පෞරුෂයක් හිමි,තමා පිළිබඳ හීනමානයකින් හෙබි, ආත්ම විශ්වාසය අඩු අයයි. හිංසකයින් හට, මෙවන් අය ඔවුනගේ ශරීර භාෂාවෙන්(body language) බොහෝ පහසුවෙන් හඳුනාගත හැකිය. එවන් හැසිරීම් රටා කිහිපයක් පහත සඳහන් කරමි.
කිසිවකුගේ දෑස් දිහා කෙළින් නොබලයි
තම ශරීරාංග හෝ තමාගේ ශරීරය පිළිබඳව ලජ්ජා වන කොටස් වසා ගැනීමට(පොතකින් හෝ බෑගයකින්) උත්සහ කරයි.
හිස පහත් කරගෙන බියගුලු ස්වභාවයක් පෙන්වයි.
නිතරම කලබල ස්වභාවයකින් සිටියි.


හිංසකයන් මෙසේ යමෙකු අරමුණු කරගෙන පැමිණෙන විට, ඔවුනගේ දෑස් දෙස කෙළින්ම බැලුවහොත් ඔවුහු එම පුද්ගලයා මගහැර වෙනත් ඉලක්කයක් වෙත යනු ඇත. එයට හේතුවක් නම් , තම ඉලක්කය තමාව හොඳින් දැකබලා ගැනීම නීතිය ඉදිරියේදී තමාට අවාසියක් වන නිසාත් , පිරිසකින් තමාව වෙන්කර හඳුනාගත හැකි නිසාත්ය. දෙවැනි දෙය නම් තමාට යම් හිංසනයක් සිදුවන්නේ නම් හෝ සිදුවීමට යන්නේ නම් මදක් උස් හඬින් එම පුද්ගලයා අමතන්න. තමාට එරෙහිව සිදුවන අකටයුත්තකට නිහඬව සිටීම යනු එයට තවදුරටත් අනුබල දීමකි. මෙසේ ඔබගේ ප්‍රතිරෝධය දැක්වීමද ඔබට එන ආක්‍රමණිකයා වෙනත් ඉලක්කයක් බලා යාමට පොළඹවයි. මෙය තමාට සිදුවන හිංසනයෙන් ගැලවීමට ඇති මූලිකම ක්‍රමයයි. දෙවැන්න නම් පළමුවැන්නට ප්‍රතිචාරයක් නොදක්වන පුද්ගලයන් හට කායිකව ප්‍රතිරෝධය දැක්වීමයි. මේ සඳහා ඔබට යම් ආත්මාරක්ෂක පුහුණුවක් තිබිය යුතුය. (වැදගත් ආත්මාරක්ෂක පුහුණුව සහ සටන්කලා පුහුණුව යනු දෙකකි. ඇත්තෙන්ම ආත්මාරක්ෂක පුහුණුව, සටන්කලා පුහුණුවෙහි උප කුලකයක් වුවද මෙය සටන්කලා පුහුණුව තරම් නිරතුරුව පුහුණු විය යුතු නැත.)


කාන්තාවක හෝ පුරුෂයකු අතවරයකට/අපයෝජනයට ලක්වූ විට, මානසිකව බොහෝ ඇද වැටේ. ඔවුන් නිතරම තම සිතින් සිදු වූ සිද්ධීය මේ අයුරින් වෙනස් කළ හැකිව තිබුනා යැයි සිය දහස් වාරයක් සිතයි. අවසානයේදි එය සිය නොහැකියාව හෝ තමාගේ දෛවය යැයි සිතා මානසිකව කඩා වැටේ. එවිට ස්වභාවිකවම ඉහත සඳහන් කළ මූලික ශරීර භාෂාව ඔබගෙන් නිරූපනය වන අතර එය තව තවත් ඔබ හිංසනයට පත් කරවීමට අතවැනීමක් වනු ඇත. එසේ නම් මෙයට පිළියම කුමක්ද? මූලිකවම ආත්මාරක්ෂක පුහුණුවක් ලබාගන්න. දෙවනුව තම මානසික මට්ටම ඉහළ නංවා ගන්න. මෙයට අවශ්‍ය නම් මනෝ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න. තෙවනුව තම ආත්මවිශ්වාසය වැඩිකරගන්න. සිදුවූ දෙය සිදුවී ඇතත්, එය අතීතය බාර නොදී එහිම වසමින් ඒ තුළ මියැදීම නොකරන්න.


මෙහිදී පසක් කළ යුතු තවත් වැදගත් කාරණාවක් ඇත. එය නම් අප වසනුයේ සමාජයක් තුළය. එමෙන්ම අප පොදු ස්ථාන වල ගැවසෙන්නො වෙමු. ඉදින් කාන්තාවක් වශයෙන් පොදු ස්ථාන වල ගමන් බිමන් යාමේදී , බොහෝ විට තරුණයන් විසින් උරුවම් බෑම (whistling), හෝ යම් යම් දේ කීම ස්වභාවික දෙයකි. එය ඇත්තෙන්ම එතරම් යහපත් නොවූවත් , එය ඔබට කිසිවිටක ශාරීරිකව හානියක් නොකරයි. ඉතිරි සියල්ලම ඇත්තේ ඔබගේ මානසිකවයි. ඔබ එවැනි දෑ නිසා සැලිය යුතු නැත්තේමය. මන්ද ඔවුන් ඔවුන් බැවිනුත්, ඔබ ඔබ බැවිනුත්ය. බල්ලකු අපව සපා කෑවද අප බල්ලාව සපා කන්නේ නැත. (මෙය හුදෙක්ම වාචික හිංසනය සඳහා පමණි)


වීදියේදී සිදුවන හිංසනයට එරෙහිව හඩක් නගන සංවිධානයක් ලෙස තරුණ කොටස් එකැමුතු වූ Street Harassment Hurts සංවිධානය , එවැනි හිංසනයට අපයෝජනයට ලක්වූ අයගේ හඞ සමාජගත කරන ක්‍රියාකාරී කොටසකි. එසේම ලංකාව තුළ අලුතින්ම බිහිවූ ජාත්‍යන්තර සංවිධානයක ශාඛාවක් වන Damini Project- Sri Lanka විසින් පාසල් හා පුණ්‍ය ආයතන සඳහා නොමිලයේ ද, ආයතන දෙපාර්තමේන්තු හා තරුණ සංවිධාන සඳහා සහන මිලටද දේශන හා වැඩමුළු පැවැත්වේ. ඔබ හිංසනයට හෝ අපහසුතාවයට පත්වූ අවස්ථා ඇත්නම් Street Harassment Hurts වෙත ඔබගේ සිද්ධිය දන්වා එවන්න. එවිට අනෙකුත් සියලුම හිංසනයට ලක්වන්නා වූ හෝ ලක්වූ පාර්ශව නගාසිටුවීම සඳහා දිරි දීමක් වනු ඇති අතර , ඔවුන් කිසිවිටකත් හුදෙකලා නොවී ඇති බව පසක් වනු ඇත.






෴ හිංසනයෙන් තොර හෙටක් උදෙසා අදම එක්වන්න. ඔබට සුභ දවසක්!






Jan 28, 2014

ඔබගේ ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus පිළිබඳ ඔබ දැනුවත්ද?

Black Friday Deal - $1.99 .Com at GoDaddy.com!

ආයුබෝවන්! 

ඔබගේ ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus පිළිබඳ ඔබ දැනුවත්ද?

කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ හරස් පැතිකඩක්


ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus යනු කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ ගැබ් ගෙලෙන් නිකුත් කරන ශ්‍රාවයන් වේ. මෙම ශ්‍රාවයන් පිටවනුයේ කාන්තාවක ගේ ආර්ථවයෙන් පසු ඩිම්බනීහරණයක් සිදුවීමට ආසන්නතම කාලයේදීය. මෙම ශ්‍රාවයන් දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් හිමි කාන්තාවකගේ 08 වන දිනයේ සිට 18 වන දින දක්වා පමණ ශ්‍රාවය වේ. එසේම මෙම ශ්‍රාවයන්ගේ ගති ලක්ෂණ අනුව කාන්තාව සරු කාලයේ සිටියිද නැත්ද යන්නද නිරීක්ෂණයන් මගින් දැනගත හැක.

පළමුවෙන්ම අප සාකච්ඡා කළ යුත්තේ කාන්තාවක් උත්තේජනය වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් නිකුත් කෙරෙන ලිහිසි කාරක සහ ගැබ්ගෙල ශ්ලේෂ්මල යන දෙකම එක සමාන නොවන බවයි. ලිහිසිකාරක නිකුත් කෙරෙනුයේ යෝනි මාර්ගයෙන් වන අතර ගැබ්ගෙල ශ්ලේෂ්මල නිකුත් කෙරෙනුයේ  ගැබ්ගෙලෙනි. කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවීමට ආසන්න වත්ම , ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිවශයෙන් ශ්‍රාවය වීමට පටන් ගනියි. මෙවිට ගැබ් ගෙල විවරය සුමුදු වීමටත් , විවර වීමටත් සිරස්ව නැගී සිටීමටත් පටන් ගනියි.


ගැබ් ගෙල විවරය ඉහළට සිරස්ව විවෘතව එසැවී ඇත අයුරුද, පැහැදිළි ශ්ලේෂ්මලද දැකිය හැකිය.

ආරම්භයේදී මෙම ශ්ලේෂ්මල බොහෝ විට වියළි ස්වභාවයෙන් සහ උකු ගතියෙන් යුක්ත වුවද පසුව එය ක්‍රමයෙන් මදක් ඇලෙන සුළු , බිත්තර සුදු මදයෙහි ස්වභාවයට පැමිණේ. මෙම තත්ත්වය සලකනුයේ කාන්තාවකගේ උපරිම සරු කාලය ලෙසය. මක් නිසාද යත් මෙම ශ්ලේෂ්මලය මාධ්‍යයක් කොට ගනිමින් ශුක්‍රාණු වලට ගැබ් ගෙල හරහා ගැබට ඇතුළු වීමට පහසු නිසාත් , මෙම කාලයේදීම ඩිම්බයක් පැලෝපීය නාලයට නිකුත් කෙරෙන නිසාවෙනි. මෙම ශ්ලේෂ්මලය කෙතරම් ඇලෙනසුළුද යත් ඇඟිලි තුඩු දෙක අතරෙහි අඟල් දෙකක් පමණ වන තුරු එය අඛණ්ඩව ඇදෙනු ඇත.

ගැබ් ගෙලෙන් ශ්ලෙෂ්මලය පිටවන අයුරු
ඇඟිලි තුඩු දෙක අතර  සරු කාලයේදී තිබෙන ශ්ලෙෂ්මලයන් ඇදෙන අයුරු

මෙයින් පැය 24 කට පමණ පසු මෙම ශ්ලෙෂ්මලය දියර ගතියකට පැමිණෙන අතර එය කාන්තාවකගේ උපරිම සරු කාලය ලෙසද සැලකේ. මෙවැනි අවස්ථා වලදී කාන්තාව හට ඇයගේ යට අඳුම් තෙත් වන ස්වභාවයක් සහ ඇයගේ යෝනිය නිතරම තෙත් ගතියක් දැනෙනු ඇති අතර , මෙම දින වලදී උපරිම ලිංගික පිබිදීමකට ලක්ව සිටියි.
මෙහිදී දියර ගතියක් ඇති අතර ඇඟිලි වලින් බේරී යන තරම්ම දියාරු ගතියක් තිබෙනු ඇත
මින් පසු කාන්තාවකගේ ආර්ථවයේ නිසරු කාලය ආරම්භ වන අතර ක්‍රමයෙන් ශ්ලෙෂ්මල උකු වීමත් , පාරගම්‍ය වීමත් සිදු වේ. මෙහිදී ශුක්‍රාණු වලට මෙම තරලය හරහා පිහිනා යෑම අතිශය අපහසු වන අතරම ගැබ් ගෙල විවරයද සංවෘත වී , පසෙකට නැමී තිබෙනු දක්නටද හැකිය.





ගැබ් ගෙල විවරය නැමී තිබෙනු දක්නට හැකිය.
 එබැවින් මෙම ගැබ් ගෙල ශ්ලෙෂ්මල ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවල හට තම ලිංගික එක්වීම සැලසුම් කළ හැකි එක් සාධකයක් ලෙස මෙය සැලකිය හැකිය. මේ පිළිබඳ මනා අවබෝධයෙන් සිටීම මගින් දරු සම්පත් අපේක්ෂා කරන අය හට ඉතා ඉක්මනින්ම දරු සම්පත් ළගා කරගැනීම සඳහා ලිංගිකව එක්වීමේ කාලයන් මනාව පෙන්නුම් කරයි.

ඔබට සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා!෴