Jan 28, 2014

ඔබගේ ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus පිළිබඳ ඔබ දැනුවත්ද?

Black Friday Deal - $1.99 .Com at GoDaddy.com!

ආයුබෝවන්! 

ඔබගේ ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus පිළිබඳ ඔබ දැනුවත්ද?

කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ හරස් පැතිකඩක්


ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus යනු කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ ගැබ් ගෙලෙන් නිකුත් කරන ශ්‍රාවයන් වේ. මෙම ශ්‍රාවයන් පිටවනුයේ කාන්තාවක ගේ ආර්ථවයෙන් පසු ඩිම්බනීහරණයක් සිදුවීමට ආසන්නතම කාලයේදීය. මෙම ශ්‍රාවයන් දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් හිමි කාන්තාවකගේ 08 වන දිනයේ සිට 18 වන දින දක්වා පමණ ශ්‍රාවය වේ. එසේම මෙම ශ්‍රාවයන්ගේ ගති ලක්ෂණ අනුව කාන්තාව සරු කාලයේ සිටියිද නැත්ද යන්නද නිරීක්ෂණයන් මගින් දැනගත හැක.

පළමුවෙන්ම අප සාකච්ඡා කළ යුත්තේ කාන්තාවක් උත්තේජනය වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් නිකුත් කෙරෙන ලිහිසි කාරක සහ ගැබ්ගෙල ශ්ලේෂ්මල යන දෙකම එක සමාන නොවන බවයි. ලිහිසිකාරක නිකුත් කෙරෙනුයේ යෝනි මාර්ගයෙන් වන අතර ගැබ්ගෙල ශ්ලේෂ්මල නිකුත් කෙරෙනුයේ  ගැබ්ගෙලෙනි. කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවීමට ආසන්න වත්ම , ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිවශයෙන් ශ්‍රාවය වීමට පටන් ගනියි. මෙවිට ගැබ් ගෙල විවරය සුමුදු වීමටත් , විවර වීමටත් සිරස්ව නැගී සිටීමටත් පටන් ගනියි.


ගැබ් ගෙල විවරය ඉහළට සිරස්ව විවෘතව එසැවී ඇත අයුරුද, පැහැදිළි ශ්ලේෂ්මලද දැකිය හැකිය.

ආරම්භයේදී මෙම ශ්ලේෂ්මල බොහෝ විට වියළි ස්වභාවයෙන් සහ උකු ගතියෙන් යුක්ත වුවද පසුව එය ක්‍රමයෙන් මදක් ඇලෙන සුළු , බිත්තර සුදු මදයෙහි ස්වභාවයට පැමිණේ. මෙම තත්ත්වය සලකනුයේ කාන්තාවකගේ උපරිම සරු කාලය ලෙසය. මක් නිසාද යත් මෙම ශ්ලේෂ්මලය මාධ්‍යයක් කොට ගනිමින් ශුක්‍රාණු වලට ගැබ් ගෙල හරහා ගැබට ඇතුළු වීමට පහසු නිසාත් , මෙම කාලයේදීම ඩිම්බයක් පැලෝපීය නාලයට නිකුත් කෙරෙන නිසාවෙනි. මෙම ශ්ලේෂ්මලය කෙතරම් ඇලෙනසුළුද යත් ඇඟිලි තුඩු දෙක අතරෙහි අඟල් දෙකක් පමණ වන තුරු එය අඛණ්ඩව ඇදෙනු ඇත.

ගැබ් ගෙලෙන් ශ්ලෙෂ්මලය පිටවන අයුරු
ඇඟිලි තුඩු දෙක අතර  සරු කාලයේදී තිබෙන ශ්ලෙෂ්මලයන් ඇදෙන අයුරු

මෙයින් පැය 24 කට පමණ පසු මෙම ශ්ලෙෂ්මලය දියර ගතියකට පැමිණෙන අතර එය කාන්තාවකගේ උපරිම සරු කාලය ලෙසද සැලකේ. මෙවැනි අවස්ථා වලදී කාන්තාව හට ඇයගේ යට අඳුම් තෙත් වන ස්වභාවයක් සහ ඇයගේ යෝනිය නිතරම තෙත් ගතියක් දැනෙනු ඇති අතර , මෙම දින වලදී උපරිම ලිංගික පිබිදීමකට ලක්ව සිටියි.
මෙහිදී දියර ගතියක් ඇති අතර ඇඟිලි වලින් බේරී යන තරම්ම දියාරු ගතියක් තිබෙනු ඇත
මින් පසු කාන්තාවකගේ ආර්ථවයේ නිසරු කාලය ආරම්භ වන අතර ක්‍රමයෙන් ශ්ලෙෂ්මල උකු වීමත් , පාරගම්‍ය වීමත් සිදු වේ. මෙහිදී ශුක්‍රාණු වලට මෙම තරලය හරහා පිහිනා යෑම අතිශය අපහසු වන අතරම ගැබ් ගෙල විවරයද සංවෘත වී , පසෙකට නැමී තිබෙනු දක්නටද හැකිය.





ගැබ් ගෙල විවරය නැමී තිබෙනු දක්නට හැකිය.
 එබැවින් මෙම ගැබ් ගෙල ශ්ලෙෂ්මල ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවල හට තම ලිංගික එක්වීම සැලසුම් කළ හැකි එක් සාධකයක් ලෙස මෙය සැලකිය හැකිය. මේ පිළිබඳ මනා අවබෝධයෙන් සිටීම මගින් දරු සම්පත් අපේක්ෂා කරන අය හට ඉතා ඉක්මනින්ම දරු සම්පත් ළගා කරගැනීම සඳහා ලිංගිකව එක්වීමේ කාලයන් මනාව පෙන්නුම් කරයි.

ඔබට සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා!෴




No comments:

Post a Comment