මා අද කතිකාවක් තැනීමට සැරසෙන්නේ අතෝරක් නැතිව කතා වන්නා මෙන්ම , සමාජයේ ක්ෂණිකව පැතිර යන මිත්‍යා මත හා සම්බන්ධ වන අනවශ්‍ය ගැබ්ගැනීම් සබැදිවයි.
ස්වභාවික ගැබ් ගැනීමක් සිදුවීමට නම් අනිවාර්යයෙන්ම මෛථුන්‍යයක් (ලිංගික එක්වීමක්) අවශ්‍ය වේ. ඉහත ලිංගික එක් වීමේදී ශුක්‍ර තරලය අනිවාර්යයෙන්ම යෝනි මාර්ගයේ තැන්පත් විය යුතුය. මෙසේ තැන්පත් වන ශුක්‍රාණු ඩිම්බයක් සමග එක් වීමට පහත සාධක අනිවාර්යයෙන්ම සපුරා තිබිය යුතුය.
- ගැහැණියගේ අවසාන ආර්ථවය සිදුවී දින 12ත් 16ත් අතර ලිංගිකව එක් විය යුතුය.( සැ.යු දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් ඇති අයකුට)
- හොද සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු තිබිය යුතුය.
- උපත් පාලන ක්‍රම අනුගමනය නොකර තිබිය යුතුය.
- ඇතැම් අවස්ථා වලදී මසකට ඩිම්බ දෙකක් දෙවතාවකට පිටවීමේ විරල අවස්ථා පවතී.
- උපත් පාලන ක්‍රම අනුගමනයේදී සිදුවන අඩුපාඩුකම්.
- ශුක්‍ර තරලය යෝනි මාර්ගයේ තැන්පත් නොවූවත් යෝනි විවරය අසල තැවරුණද ගැබ් ගත් අවස්ථා විරලව දක්නට ලැබේ.
අනවශ්‍ය හෝ හදිසි ගැබ් ගැනීම් වලක්වා ගැනීම
- පළමුව හැකි තාක් අනවශ්‍ය ලිංගික එකතුවීම් වලින් වැලකී සිටින්න.
- සරල උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න.
- කොන්ඩම
- උපත් පාලන පෙති
- නික්ෂෙපන හෝ වෙනත් ක්‍රම
තඹ T හැඩැති ලූපය |
සම යට තැන්පත් කළ හැකි දිගු කාලීන උපත් පාලන ක්‍රමය |
ඩිපෝ ප්‍රොවේරා නික්ෂේපනය |
- හදිසි ගැබ්ගැනීම් වැලැක්වීමේ පෙති
- පොස්ටිනෝර් 1
- හදිසි ලිංගික එකතු වීමකින් අනතුරුව පැය 72 ක් ඇතුළත ලබා ගත යුතු බොහෝ සාර්ථක ප්‍රතිපල ඇති , හදිසි ගැබ්ගැනීම් වැලැක්වීට පමණක් භාවිත කළ යුතු ඖෂධයකි.
- පොස්ටිනෝර් 2
- හදිසි ලිංගික එකතු වීමකින් අනතුරුව පැය 72 ක් ඇතුළත ලබා ගත යුතු බොහෝ සාර්ථක ප්‍රතිපල ඇති , හදිසි ගැබ්ගැනීම් වැලැක්වීට පමණක් භාවිත කළ යුතු පෙති දෙකක් අඩංගු ඖෂධයකි.
01. නැත
ReplyDelete02. නැත
03. නැත